Connect with us

Uncategorized

ඉන්දියානු ව්‍යවස්ථා දිනය මෙරටදී සැමරේ

Published

on

2022 නොවැම්බර් 26 වන දිනට යෙදෙන ඉන්දීය ව්‍යවස්ථා දිනය සැමරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. 1949 නොවැම්බර් 26 වන දින ඉන්දියානු ව්‍යවස්ථාව සම්මත කිරීම මෙම විශේෂ දිනයේදී සමරනු ලැබේ.

ශ්‍රී ලංකා‍වේ විවිධ ප්‍රදේශවල පාසල් දරුවන් 200කට අධික පිරිසක් 2022 නොවැම්බර් 26 වන දින පැවති ළමා චිත්‍ර තරඟයට මහත් උනන්දුවකින් සහභාගී වූහ. “Incredible India” සහ “මූලික වගකීම්” වැනි තරඟයේ තේමාවන් ඉන්දියාවට සහ ඉන්දීය ව්‍යවස්ථාවට ඉතා සමීප අතර ශ්‍රී ලංකාවේ කුඩා නිර්මාණශීලී දරු දැරියන්ට සිය ශිෂ්ටාචාරමය සඟයා වන ඉන්දියාව පිළිබඳව මනා වැටහීමක් ඇති කරවීමට සමත් විය. මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගෝපාල් බාග්ලේ මහතා මෙවන් තරඟ සඳහා සහභගී වීමට දරුවන් දිරි ගන්වමින් මීළඟ පරපුරේ හැකියාවන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් දරුවන්ගේ මව්පියන් සහ ගුරුවරුන්ට සිය ප්‍රශංසාව පළ කළේය.

අනාගත පරපුර උදෙසා පරිසරය පිළිබඳ වගකීමකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් දරුවන් තුළ හැඟීමක් ඇති කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණ. මෙම වැඩමුළුවේදී ඉවතලන ද්‍රව්‍යයන්ගෙන් පරිසර හිතකාමී නිර්මාණ සිදු කරන ආකාරය පිළිබඳව දරුවන්ට දැනුම ලබා දෙන ලදී. “ඉන්දියානු ව්‍යවස්ථාව සැකසීම” යන මැයෙන් පැවති ප්‍රදර්ශනයේදී ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව යථාර්ථයක් බවට පත් කළ ඉතිහාසය සහ පසුබිම් සිද්ධි ප්‍රදර්ශනය කරන ලදී.

මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාතෘ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් මහතාගේ ඡායාරූපයට පුෂ්පෝපහාර ද දැක්වූහ. මෙයට පෙර පැවති වැඩසටහනක දී මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ඉන්දියාවේ මාර්ගෝපදේශ ප්‍රතිපත්තීන් වලින් සමන්විත ඉන්දියානු ව්‍යවස්ථාවේ පූර්විකාව කියවන ලදී.

1949 නොවැම්බර් 26 වන දින ඉන්දියානු ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් අනතුරුව 1950 ජනවාරි 26 වන දින එය බලාත්මක කරන ලදී. මෙම සුවිශේෂී දිනය සිහි කරමින් සෑම වසරකම ලොව පුරා ඉන්දියානුවෝ “ජනරජ දිනය” මහත් අභිමානයකින් සමරති. විවිධ රටවල මනා පිළිවෙත් සහ ක්‍රමවේදයන්ගෙන් ආභාෂය ගෙන සකස් කරන ලද ඉන්දියානු ව්‍යවස්ථාව ඉන්දියාවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ තීරණ ගැනීමේ මූලික පදනම වේ.

Uncategorized

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරේ

Published

on

By

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා වෙත ලැබී ඇති බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව රජයේ පාර්ශ්වය විසින් ලබා දුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් S.C. (SD) 05/2025 සහ S.C. (SD) 06/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන නොයෑමට තීරණය කර ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව එතුමාගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම ගරු මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නිවේදනය කළේය. එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවද ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

Continue Reading

Uncategorized

IMF කොන්දේසි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

අද  (01)  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. 

මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. 

අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට අදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි. 

අපිට පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඒක හින්දා තමයි ඉන්දීය අගමැතිවරයා මෙහාට ආවාම පුනර්ජනනීය බළශක්තිය පැත්තෙන් තමයි ගිවිසුම්වලට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ. ඉන්ධන එක්කත් අපිට ගැලපීමක් කරන්න තියෙනවා. ඒක IMF එකත් දන්නවා. අපිට එකපාරටම එතැනට යන්න බැහැ. ඒත් ආණ්ඩුව ආවට පස්සේ අපි ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. 

මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.”

Continue Reading

Uncategorized

මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්

Published

on

By

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බවය.

පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.

තවද මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධවද පැමිණිල්ලක් ලැබී තිබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව එම පුවරුව ගලවා ඉවත් කිරීමට මහවෙල පොලීසිය විසින් කටයුතු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved