Connect with us

Videos

චීන සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹදී  (ඡායා/වීඩියෝ)

Published

on

By

චීන සංස්කෘතිය පිළිබඳ ප්‍රදර්ශනයක් ඊයේ (මැයි 09) කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රදර්ශන ශාලාවේදී ආරම්භ විය.

ඡායාරූප, කලා භාණ්ඩ, අත්කම් හා චීන අක්ෂර කලාව පිළිබඳ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසිනි. මෙම ප්‍රදර්ශනය අද දිනයේදී ද පැවැත්වේ.

මෙය, ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිත මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙරට පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක සමාරම්භයයි. 

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් ASLCSCC සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පැවසුවේ මෙම සංවත්සරය සැමරීමට වැඩසටහන් 75ක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.

චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරීන්, ASLCSCC සාමාජිකයින් සහ පාසල් සිසු සිසුවියන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්විය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

Videos

“ධර්මසේනට විදෙස් ගමන් තහනමක් ගන්න” මහ බැංකුවට පැමිණිල්ලක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන මහතා විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු කරනු ලබන්නේ මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් මහබැංකු අධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම ආයතනය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ දෙවන වගන්තියේ විධි විධාන උල්ලංඝනය කරමින් ජනතාව නොමග යවා මුදල් තැන්පතු බාරගන්නා බවත්, මුහුණු පොත සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරණය කරන බවත් බවසමින් මේ පැමිණිල්ල ගොනුකර තිබේ.

මෙම ආයතනය ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම අඛණ්ඩව සිදු කරගෙන යන බවත්, මෙම ආයතනය සමග ගනුදෙනු කරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව අරඹා තිබෙන විමර්ශන කඩිනම් කරන ලෙසත් අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ධර්මසේන මුදල් අරන් පැනයා හැකියි..

මේ අතර කුමාර ධර්මසේම අදාළ ජනතා මුදල් රැගෙන පැනයාමට හැකි බැවින් ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනමක් ගන්නා ලෙසද අදාල පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

විශාල පොලී අනුපාතයක් ලබාදෙන බව පවසමින් අගාවුඩ්, වැනිලා, අඹ, තේක්ක ආදී විවිධ ශාක වර්ග වගා කිරීමේ විවිධ ව්‍යාපෘති සඳහා මහජනතාවගෙන් මුදල් ආයෝජන ලබාගැනීම නීති විරෝධී බවත්, එම විවිධ ආයෝජන සමාගම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහ බැංකුව පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මහ බැංකුව විසින් භාවිතා කරන අනුපාතවලට විරුද්ධව ගොස් මහජනතාවගෙන් තැන්පතු බාරගැනීම අපරාධමය වරදක් බව මහ බැංකුවේ සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර එහිදී සඳහන් කළේය.

තැන්පතු බාරගැනීමට නීතිමය අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් ආයතනවලට පමණක් බවත්, ඒ අනුව බැංකු පනත යටතේ බැංකු ආයතනවලට සහ මුදල් ව්‍යාපාර පනත යටතේ මූල්‍ය ආයතනවලට තැන්පතු බාරගැනීමට අවසරය ඇති බවත්, ඒ හැර වෙනත් ආයතනවලට තැන්පතු බාරගැනීමට අවසරයක් නොමැති බවද සහකාර අධිපතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධවද තොරතුරු සොයා බලන බව මහ බැංකුව මෙහිදී අනාවරණය කළේය.

Continue Reading

Videos

හයිවේ පොලිසියට බස් රියැදුරා කඩුවෙල පිවිසුමේ දී දැමූ වෙට්ටුව (වීඩියෝ)

Published

on

By

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී බස්රථවල අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් ගෙනයාම නීතිවිරෝධී වුවද මේවන විට කඩුවෙල සිට නාවින්න දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ මගී බස් රථවල මේ කටයුත්ත සුලබව සිදුවන බව එහි ගමන් බිමන් යන මගීහු කියා සිටිති.

එසේම ඊයේ (11) දිනයේද කඩුවෙල බස් නැවැතුමෙන් පෙරවරු 11ට ගමන් ඇරඹූ එම මාර්ගයේ බස් රථයක් එසේ අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් රැගෙන ගොස් සිදුවූ සිද්ධියක තොරතුරු හා වීඩියෝ පට අපවෙත ලැබී තිබේ.

අදාළ මගී බස් රථයේ අසුන් ගණනට වඩා වැඩියෙන් මගීන් පටවාගෙන කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට මෝටර් රථය ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම පිවිසුමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් එම බස් රථයේ අසුන් ප්‍රමාණයට වඩා වැඩියෙන් මගීන් සිටින බැවින් හිටගෙන සිටින මගීන් බස්සා අධිවේගයට බස් රථය ඇතුළු කරන ලෙස රියදුරුට අවවාද දී තිබේ.

ඒ අනුව එම බසය පිටුපසට ගත් රියදුරු එහි සිටි කිසිදු මගියකු නොබස්වා එම පිවිසුමෙන් යළි ඇතුළු නොවී රාජසිංහ මාවත ඔස්සේ කඩුවෙල දෙසට ගමන් කර කඩුවෙල පිවිසුමෙන් අධිවේගයට ඇතුළුවීමට කටයුතු කර ඇත.

එහිදී කඩුවෙල පිවිසුමේ පොලිස් නිලධාරීන්ට දැමූ වෙට්ටුව එහි සිටි මගියකුගේ කැමරා ෆෝනයේ සටහන්ව තිබුණේ මෙසේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved