ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනපතිවරණයෙන් කවුරුන් තේරී පත් වූවත්, ඕනෑම අයෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාවට හැකි බව ඉන්දීය විදේශ ඇමති එස් ජයිශංකර් මහතා පවසයි.
ඉන්දීය ඩයස්පෝරාවේ ලෝක බලපැම සම්බන්ධයෙන් නවදිල්ලි නුවරදී අදහස් දක්වමින් ඉන්දීය විදේශ ඇමතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන්ය.
මෙවර අමරිකානු ජනපතිවරණයට ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් ඉදිරිපත්ව සිටියත් ජයග්‍රාහකයා කටයුතු කරන්නේ, අමෙරිකානු විදෙස් ප්‍රතිපත්තියට අදාළව බව ඔහු එහිදී අවධාරණය කර ඇත.
එම නිසා විදෙස් රටවල ජනපතිවරණ පිළිබඳ අදහස් දැක්වීමට ඉන්දියාවට හැකියාවක් නැතත්, යුක්‍රේන රුසියා යුද්ධය සහ ඊශ්‍රායලය පලස්තීන ගැටුම නිසා මුළු ලොවටම විශාල බලපෑමක් ඇතිව තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.