ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙකුව වෙඩි තබා ඝාතනය කර තිබේ.
Fernando Villavicencio නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා, ඊයේ දින ක්විටෝ අගනුවර පැවති දේශපාලන රැලියකට සහභාගී වී පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට යන අතරතුරදී පුද්ගලයෙකු විසින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇත.
ෆර්නැන්ඩෝ මහතා යනු ඉක්වදෝරයේ සංවිධානාත්මක අපරාධ සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධකම් ඇති බවට චෝදනා කළ අපේක්ෂකයන් කිහිපදෙනාගෙන් අයෙකු බව පැවසේ.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට නීතිපතිවරයා නිවේදනය කර තිබේ.
ඇතිවූ කලබලකාරී තත්ත්වය හමුවේ තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.