Connect with us

විදෙස්

ඉම්රාන් ඛාන්ට තවත් සිරදඬුවමක්

Published

on

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 14ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වේ.

නඩු තීන්දුවෙන් පසුව ඛාන් මහත්මියද අධිකරණයට භාර වී ඇත.

ඛාන් මහතා අගමැතිව සිටියදී රාජ්‍ය මට්ටමෙන් ලද ත්‍යාග, පෞද්ගලික ලාභ තකා විකුණා ඇති බව ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන් ට එරෙහිව, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) දිනයේදී ද වසර 10ක සිර දඬුවමක් ලබා දී තිබුණි.

ඔහුගේ විරුද්ධවාදීන් විසින් 2022 වසරේදී ඉම්රාන් ව අගමැති ධුරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 03ක සිර දඬුවමක් තීන්දු කළේය.

කෙසේවුවද, ඛාන් මහතා පවසන්නේ මේ සියලු චෝදනා දේශපාලන පළි ගැනීම් බවයි.

මෙම සියලු සිරදඬුවම් එක්වර ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

සබැඳි පුවත්:

ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් – Sri Lanka Mirror – Right to Know. Power to Change

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading

විදෙස්

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

Published

on

By

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved