Connect with us

විදෙස්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධීයි – ශ්‍රේෂ්ඨාධිකරණය

Published

on

මීට දින කිහිපයකට පෙර දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඛාන් මහතාව වහාම නිදහස් කරන ලෙසද පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ඛාන් මහතා ගේ නීතිඥවරුන් පෙන්වා දී තිබුණේ අධිකරණ භූමියකදී සිදුකරනු ලැබූ සිය සේවාදායකයාගේ අත්අඩංගුවට පත්වීම නීතිවිරෝධී බවයි. 

පාකිස්තානයේ හිටපු අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමත් සමග එරට පුරා පැතිරී ගිය ප්‍රචණ්ඩකාරී විරෝධතා වලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 2,000 ක් පමණ අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස්

දකුණු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් 51ක් මරුට

Published

on

By

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදුවන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බව සඳහන්ය.

ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

Continue Reading

විදෙස්

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි

Published

on

By

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

Continue Reading

පුවත්

බ්‍රිතාන්‍යයේ රහස් බුද්ධි සේවයේ මුල් පුටුවට කතක්!

Published

on

By

ඉති­හා­සයේ පළ­මු­ව­රට බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධා­නියා ලෙස කාන්තා­වක් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

MI6 නමින් හඳු­න්වනු ලබන වසර 116ක දීර්ඝ ඉති­හා­ස­යක් හිමි එරට රහස් බුද්ධි සේවයේ නව ප්‍රධා­නියා ලෙස පත්කර ඇත්තේ බ්ලේස් මෙට්‍රි­වෙලි නමැති 47 හැවි­රිදි බුද්ධි නිල­ධා­රි­නි­යකි. 

වසර 1999 දී බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේව­යට එක්වූ ඇය වර්ත­මා­නයේ තාක්ෂණ හා නවෝ­ත්පා­දන සම්බ­න්ධව කට­යුතු කර­මින් සිටින බවත්, වත්මන් ප්‍රධා­නියා වන ශ්‍රීමත් රිචඩ් මුවර් මේ වසර අග­භා­ග­යේදී ධුර­යෙන් සමු­ගැ­නී­මෙන් පසු එම තන­තු­රට ඇය පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ කාර්ය­භා­රය ඉති­හා­සයේ පෙර නොවූ විරූ තරම් වැද­ගත් වූ අව­ස්ථා­වක ඇගේ පත්වීම ඓති­හා­සික බව අග­මැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. 

බ්‍රිතා­න්‍යයේ ජාතික ආර­ක්ෂා­වට සහ එරට ආර්ථික පැවැ­ත්මට සහාය වීම සඳහා විදේශ රට­ව­ලින් බුද්ධි තොර­තුරු එක්රැස් කිරීම බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවයේ ප්‍රධාන කාර්ය­භා­රය බව ද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved