හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන – අසර්බයිජාන දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් යානය ඊයේ (19) පස්වරුවේ හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි වාර්තා විය.
එහෙත්, ඉන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග සෝදිසි මෙහෙයුම් ආරම්භ විය.
අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.
ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්ලහන් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඒ අතරට ඇතුළත් ය.
කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.