Connect with us

විදෙස්

උත්තර් ප්‍රදේශ් තදබදයෙන් මියගිය පිරිස ඉහළට

Published

on

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 121ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඒජන්සි වර්තා සඳහන් කරයි.

මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන්ය.

ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇතිව තිබෙන බව වාර්තා වේ.

මේ සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති යෝගි ආදිත්‍යනාත් මහතා නියෝග කර තිබේ.

පුවත්

ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරයි

Published

on

By

 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

ඒ,  ඊයේ (15) විස්කොන්සි ප්‍රාන්තයේ මිල්වෞකි නගරයේ ආරම්භ වූ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදීය.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල ලැබු හිටපු ජනාධිපතිවරයා සමුළුවට සහාභාගි වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක් විය.

දින 04 ක් පුරා මෙම ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරුණු අතර 39 හැවිරිදි ඔහායෝ සෙනෙට් සභික ජේ ඩී වාන්ස් රිපබ්ලිකන් පක්ෂ උපජනාධිපති ධුරය සඳහා නම් කෙරුණි.

අමෙරිකාව යළිත් විශිෂ්ට රාජ්‍යක් කිරීම වෙනුවෙන් ඔහු සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කර ඇත.

Continue Reading

පුවත්

නේපාල අගමැතිකම KPට

Published

on

By

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇත.

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබූ අතර ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ.

කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන් වේ.

නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ට  වෙඩි තියලා ; මේවා තිරිසන් වැඩ – බයිඩන් (වීඩියෝ)

Published

on

By

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුර වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසලට වැදී තුවාල සිදුවී ඇති බවයි.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.

මේ අතර, මැතිවරණ රැළියක් අතරතුර ප්‍රතිවාදී රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය තිරිසන් ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම පිළිබදව සැලවූ සැණින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බවයි.

මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved