ඉන්දියාව විසින් කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය දා කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් කැනේඩියානු පුරවැසියෙකු ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශයයි.
පසුගිය ජූනි 18දා වෙඩි තබා ඝාතනය කෙරුණු මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණ පුරවරසිභාවය ලබා ගත් සීක් ආගමික නායකයෙකි.
ඒ අනුව වීසා සැකසුම් සමාගමක් වන BLS විසින් කැනඩා පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇත.