Connect with us

විදෙස්

චීනයේ ළදරු පාසැලක පිහිඇනුමකින් 6ක් මරුට

Published

on

අද (10) උදෑසන චීනයේ ළදරු පාසැලක ගේට්ටුව අසල සිදුවූ පිහිඇනුම් සිද්ධියකින් පුද්ගලයන් සයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම බිහිසුනු සිද්ධිය වාර්තා වන්නේ දීණයේ ග්වන්ඩොං පළාතේ ලියැන්ජියැං නගරයෙනි.

සිද්ධියෙන් මියගියවුන් අතර, ගුරුවරයෙකු, දරුවන් තිදෙනෙකු හා මවුපියන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ 25 හැවිරිදි සැකකරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

 

විදෙස්

පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්

Published

on

By

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි.

යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ.

මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

(ලංකාදීප)

Continue Reading

විදෙස්

ඉරාන ජනපතිගේ අවමංගල උත්සවය ආරම්භ වේ

Published

on

By

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබයි.

එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වී සිටිති.

Continue Reading

විදෙස්

ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි

Published

on

By

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන – අසර්බයිජාන දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් යානය ඊයේ (19) පස්වරුවේ හදිසි ගොඩබෑමකට ලක්ව ඇතැයි වාර්තා විය.

එහෙත්, ඉන් අනතුරුව ඒ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග සෝදිසි මෙහෙයුම් ආරම්භ විය.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්ලහන් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඒ අතරට ඇතුළත් ය.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved