Connect with us

විදෙස්

ජපානයෙන් අලුත් පළතුරක්

Published

on

ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.

ලෙමන් සහ පැණි කොමඩු ශාකය එක් කිරීමෙන් මෙම දෙමුහුම් පළතුර නිපදවීමට ජපාන ගොවීන් සමත් වී ඇත.මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.එය මින් පෙර කිසිවකු රසවිඳ නොතිබූ අද්විතීය රසයක් බව එම ගොවීන් පෙන්වා දී ඇත.

පෙනුමෙන් පැණි කොමඩු ගෙඩියක් වැනි ලෙමන් පැණි කොමඩු ගෙඩි වල අසාමාන්‍ය සුදක් තිබෙන බවත් එය පැණි කොමඩු ගෙඩියක් තරම් විශාල නොවන බවත් ජපාන ගොවීන් පවසයි.ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ජපාන වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට මිල කර ඇත.

අගෝස්තු මාසය තෙක් සපෝරෝ නගරයේ වෙළඳපොළවල් තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩි ඇත්තේ 3800 පමණක් බවද ජපාන ගොවින් ප්‍රකාශ කර ඇත.

(ලංකාදීප)

විදෙස්

ඊශ්‍රායලයේ Al Jazeera අත්හිටුවයි

Published

on

By

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අල් ජසීරා පුවත් සේවය හමාස් සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ගාසා යුද්ධය අවසන් වන තෙක් ඊශ්‍රායලයේ අල් ජසීරා මෙහෙයුම් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්‍ යාහු පැවැසුවේය.

ජෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වාගෙන ගිය අල් ජසීරා කාර්යාලය ඊයේ(05) එරට පොලිසිය සෝදිසි කර තිබූ බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම සෝදිසි කිරීම ඊශ්‍රායල පොලිසිය කර තිබූ බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳ ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගැනීමට සූදානම් බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පැවැසීම කිසිඳු පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.

අල් ජසීරා පුවත් සේවයේ කාර්යාලයේ කළ සෝදිසි කිරීමේදී එම පුවත් සේවයට අයත් උපකරණ ඊශ්‍රායල පොලිසිය සිය බාරයට ගෙන ඇති බවද එරට සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාර්හි ප්‍රකාශ කළේය.

ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වා ගෙන ගිය අල් ජසීරා කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍යාංශය එක්ස් සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබිණි.

( ලංකාදීප )

Continue Reading

විදෙස්

නිව්යෝක් සරසවි වලින් විරෝධතාකරුවන් 300ක් අත්අඩංගුවට

Published

on

By

නිව් යෝක් පොලිසිය විසින් එම නගරයේ විශ්ව විද්‍යාල දෙකක සිදුකළ මෙහෙයුම් වලින් විරෝධතාකරුවන් 300ක් පමණ ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. 

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලම්බියා හා සිටි යුනිවර්සිටි ඔෆ් නිව් යෝක් යන විශ්ව විද්‍යාල වලයි.

සාමකාමී විරෝධතාවයකට බාධා කළ පිරිසක් ඉවත් කරන මෙන් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සිදුකළ ඉල්ලීමක් මත මෙම මෙහෙයුම සිදුවූ බව නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් මහතා පවසා ඇත.

ගාසා යුද වාතාවරණය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ඇමෙරිකානු විශ්ව විද්‍යාල වල විරෝධතාවයන් පැවති අතර, ඊශ්‍රායලයට සම්බන්ධ සමාගම් සහ පුද්ගලයන් වර්ජනය කරන ලෙස සිසුසිසුවියන් ඉල්ලා සිටියි.

මෙලෙස පලස්තීනයට සහය දනවන මෙම විරෝධතාකරුවන් හා ප්‍රතිවරෝධී පාර්ශවයේ පිරිස් අතර ගැටුම් වාර්තාවේ.

(මූලාශ්‍රය : බීබීසී)

Continue Reading

පුවත්

වේල්ලක් කැඩී ආ ජලපහරෙන් 50ක් මරුට

Published

on

By

කෙන්යාවේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හමුවේ ජලාශ වේල්ලක ඉවුරු කැඩී යාම හේතුවෙන් කෙන්යාවේ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ

මෙම ඛේදවාචකය වර්තා වන්නේ නයිරෝබි අගනුවරට කි.මී. 60ක් පමණ දුරින් පිහිටි මායි මාහියු නම් ප්‍රදේශයෙනි.

රාත්‍රියේ නිදමින් සිටි ගම්වාසීන් මෙම ජලපහරට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වේ.

පසුගිය මාසයේදීද කෙන්යාවේ ඇති වූ අධික ගංවතුර තත්ත්වය හමුවේ සියදෙනෙකුට වඩා මියගොස් තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved