ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
එම ප්‍රකාශය කර ඇත්තේ විශ්වවිද්‍යාලයට ලබා දුන් මූල්‍යාධාරවලින් ඩොලර් බිලියන දෙකක් කපාහැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුවය.
ඇමෙරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක් වන හාවඩ් විශ්වවිද්‍යාලය ඔහුගේ පරිපාලනයේ ඉල්ලීම්වලට අවනත වීමට ප්‍රතික්ෂේප කිරීම නිසා ජනාධිපතිවරයා මෙලෙස පවසා ඇත.
කෙසේවෙතත්, මෙය ඇමෙරිකාවේ සිතීමේ නිදහසට, ශාස්ත්‍රීය නිදහසට සහ ප්‍රකාශන නිදහසට එල්ල කළ තර්ජනයක් බව විචාරකයන් අදහස් දක්වා තිබේ.
හිටපු ජනාධිපති බැරැක් ඔබාමාද මේ බව පෙන්වා දී, හාවඩ් විශ්වවිද්‍යාලය ජනාධිපතිවරයාගේ නියෝගවලටඅ වනත නොවී අනෙකුත් විශ්වවිද්‍යාලයට ආදර්ශයක් ලබා දී ඇතැයි ප්‍රශංසා කර තිබෙන බව ද වාර්තා වේ.
හාවඩ් ඇතුළු බොහෝ විශ්වවිද්‍යාල, මහජන යහපත සපයන ආයතන ලෙස වර්ගීකරණය කර ඇති නිසා ෆෙඩරල් ආදායම් බදුවලින් නිදහස් කර ඇත.
නමුත්, ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිය නියෝග පිළිනොපැදීම නිසා එම විශ්වවිද්‍යාලය දේශපාලන ආයතනයක් ලෙස සලකමින් බදු සහන ඉවත් කරන බවය.