විදෙස්

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

Published

on

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබේ.

ආනයනික මෝටර් රථ සහ අමතර කොටස් සඳහා සියයට 25ක තීරු බදු ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි  අදාළ බදු අය කිරීම් සිදුකරනු ඇත.

මෙම බදු පැනවීම තුළින් අමෙරිකාව තුළ රැකියා සහ ආයෝජන දිරිමත් කෙරෙන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

Trending

Exit mobile version