Connect with us

විදෙස්

නයිට්‍රජන් භාවිතයෙන් මරණ දඬුවමක්

Published

on

ප්‍රථම වරට නයිට්‍රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදීය.

පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත් නම් පුද්ගලයෙකුට මෙලෙස නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීම මගින්  මරණීය දණ්ඩනය ලබා දී තිබේ.

කෙසේ නමුත් කෙනත් ස්මිත්ගේ නීතීඥයින් පවසා ඇත්තේ මෙය කුරිරු හා අසාමාන්‍ය දඬුවමක් ලෙස සලකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වන්න ලෙසයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කෙනත්ට සහනයක් ලබා දීම ප්‍රතික්ෂේප කර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියම කර බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

58 හැවිරිදි කෙනත් 1989 දී එළිසබෙත් සෙනට් නම් කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අතර, 1996 සිට මරණ දණ්ඩනයට ලක්ව සිටියි.

කෙනත්ට 2022 දී මාරාන්තික එන්නත් කිරීමකින් මරණයට පත් කිරීමට සිට ඇති නමුත්, එන්නත් කිරීම සඳහා නහරය නිවැරදිව සොයා ගැනීමට අපොහොසත් වීම නිසා එම මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවුණි.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එළිසබෙත් සෙනට් කාන්තාවගේ මරණයට සම්බන්ධ අනෙක් පුද්ගලයාට 2010 දී මරණ දණ්ඩනය ලබා දුන් බවයි.

(මූලාශ්‍රය : නිවුස්ෆස්ට්)

විදෙස්

“දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟයි” – ට්‍රම්ප්

Published

on

By

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න විස්තර නොකර සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

සටන් විරාමය සඳහා මැදිහත් වූ කටාර් සහ ඊජිප්තුව මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

හමාස් සංවිධානය මෙම යෝජනා පිළිගැනීම යහපත් ප්‍රවනතාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

Continue Reading

විදෙස්

තායි අගමැතිනියගේ ධූරය අත්හිටුවයි!

Published

on

By

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.

එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.

ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය  මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ – ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.

අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved