විදෙස්

නවදිල්ලි ප්‍රාථමික පාසැල් මේ සතියේත් වැසෙයි

Published

on

වායු දූෂණය තවදුරටත් අයහපත් වීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ප්‍රාථමික ශ්‍රේණි වල පාසැල් ලබන 10දා දක්වා වසාදැමීමට තීරණය කර ඇති බව නවදිල්ලියේ අධ්‍යාපන ඇමතිනිය වන අතිෂි මාලෙනා මහත්මිය තීරණය කර තිබේ.

ඊයේ දිනයේදී X පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ ඇය, 6 – 12 ශ්‍රේණි සඳහා මාර්ගගත ක්‍රමයට මාරු වීමේ විකල්පය පාසැල් වලට ලබාදී ඇති බව පවසා ඇත.

පසුගිය සිකුරාදා දිනයේදී නවදිල්ලි අගනුවර වායු දූෂණ මට්ටම තවදුරටත් උග්‍ර අතට හැරීමත් සමග, නවදිල්ලි ප්‍රධාන අමාත්‍ය – අරවින්ද් කෙජ්රිවාල් මහතා ප්‍රකාශ කර තිබුණේ එදින රජයේ හා පෞද්ගලික සියලු ප්‍රාථමික ශ්‍රේණි වල පාසැල් සඳහා නිවාඩුවක් ලබාදෙන බවයි.

අහිතකර කාලගුණික තත්ත්වයන්, වාහන දුම්, ගොවීන් විසින් පිදුරු ගිනි තැබීම හා ඉහළ රතිඤ්ඤා භාවිතය වැනි කරුණු හේතුවෙන් සෑම වසරකම නවදිල්ලි අගනුවර ශීත ඍතුවේදී එහි වායු දූෂණ මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යයි.

(මූලාශ්‍රය : TOI)

Trending

Exit mobile version