විදෙස්

පුටින්ව හමුවෙන්න කිම් රුසියාවට

Published

on

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා රුසියානු දේශසීමාවට ඇතුල් වී ඇතැයි වාර්තා වේ.

සිය වෙඩි නොවදින සන්නද්ධ දුම්රියේ ගමන් කරන කිම්, Vladivostok නගරයේදී පුටින්ව හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත්, එම දුම්රියට සිය ගමනාන්තය දක්වා යාමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව පැවසේ.

යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාවෙන් ආයුධ ලබාගැනීමට රුසියාවට අවශ්‍ය බව ඇමෙරිකාව විශ්වාස කරයි.

ඉදිරි දින කිහිපය තුළ දෙරට නායකයන් හමුවක් පැවැත්වෙනු ඇති බව ක්‍රෙම්ලිනය සනාථ කර ඇත.

පසුගිය ජූලි මාසයේදී රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා උතුරු කොරියාවේ සිදුකළ සංචාරයකදී අවිආයුධ දැකගැනීමෙන් අනතුරුව මෙම හමුවට මං පෑදුනු බව විශ්ලේෂකයින් විශ්වාස කරයි.

කිම් හා පුටින් 2019දී ද Vladivostok නගරයේදී හමුවූ අතර, මෙය, වසර 4කින් පසුව උතුරු කොරියානු නායකයාගේ පළමුවැනි විදෙස් සංචාරයයි.

Trending

Exit mobile version