Connect with us

විදෙස්

බ්‍රිතාන්‍යය, සංක්‍රමණ නීති තවත් දැඩි කරයි

Published

on

සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි.

2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත් සමග බ්‍රිතාන්‍යය විසින් මෙම පියවර ගෙන තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා විසින් මේ සඳහා කරුණු පහකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ මේ අනුව පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කිරීමට හැකි වූ පුද්ගලයන් 300,000කට පමණ ඉදිරියේදී එසේ කිරීමට නොහැකි වනු බවට ඇස්තමේන්තු කරන බවයි.

මෙම නව නීති යටතේ උපස්ථාන සේවාවන් සඳහා බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් වනු ඇත.

NHS සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා විදේශීය සේවකයන්ට ගෙවීමට සිදුවන වාර්ෂික ගාස්තුව පවුම් 624 සිට 1,035 දක්වා වැඩි කිරීමට නියමිතය.

පවුලේ වීසා සඳහා අවම ආදායම ලබන වසන්තයේ සිට පවුම් 18,600 සිට පවුම් 38,700 දක්වා වැඩි කිරීමට නියමිතය.

විදෙස්

කොලොම්බියාවේ  කහ උණ වසංගතයක්

Published

on

By

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වනවිට රෝගීන් 74ක් වාර්තා වී ඇති අතර, ඉන් 34ක්ම මියගොස් ඇත.

පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතටය.

ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට පියවර ගෙන ඇත.

කහ උණ ආසාදනය වන්නේ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන වෛරසයක් මගින්ය.

කෙසේ නමුත් එන්නත්කරණයෙන් මෙම කහ උණ ආසාදනයවීම වළක්වා ගැනීමේ හැකියාව ඇත.

ඒ අනුව පාස්කු නිවාඩුවට පෙර එන්නත්කරණයට ලක්වන ලෙසට එරට බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

කහ උණ රෝග ලක්ෂණ අනෙකුත් උණ රෝගී තත්ත්වයන්ට බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් කහ උණ ආසාදිතයෙකු හඳුනා ගැනීම තරමක් අසීරු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කහ උණ ආසාදිතයින් බහුතරයක් එහි පළමු අදියරයේ දී ඉන් සුවය ලබයි.

කෙසේ වුවද සියයට 15ක පමණ ආසාදිතයින් පිරිසක් උග්‍ර කහ උණ රෝගී තත්ත්වයට මුහුණ දෙන අතර, ඉන් අඩක් දින 10ත් 14ත් අතර කාලයක දී මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Continue Reading

විදෙස්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමකින්  දෙනෙකු  මරුට

Published

on

By

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් 02ක් මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Continue Reading

විදෙස්

ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි

Published

on

By

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ඔවුන් අතරින් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කරයි.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණඇපකරුවන් දසදෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුලත් විය.

මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ගැති අර්ධ ගනුදෙනු පිළිගන්නේ නැති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved