සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි.
2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත් සමග බ්‍රිතාන්‍යය විසින් මෙම පියවර ගෙන තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා විසින් මේ සඳහා කරුණු පහකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.
ඔහු පවසා ඇත්තේ මේ අනුව පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කිරීමට හැකි වූ පුද්ගලයන් 300,000කට පමණ ඉදිරියේදී එසේ කිරීමට නොහැකි වනු බවට ඇස්තමේන්තු කරන බවයි.
මෙම නව නීති යටතේ උපස්ථාන සේවාවන් සඳහා බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් වනු ඇත.
NHS සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා විදේශීය සේවකයන්ට ගෙවීමට සිදුවන වාර්ෂික ගාස්තුව පවුම් 624 සිට 1,035 දක්වා වැඩි කිරීමට නියමිතය.
පවුලේ වීසා සඳහා අවම ආදායම ලබන වසන්තයේ සිට පවුම් 18,600 සිට පවුම් 38,700 දක්වා වැඩි කිරීමට නියමිතය.