Connect with us

විදෙස්

මංගල නඩේ ගිය බෝට්ටුව පෙරළී 100ක් මරුට

Published

on

නිරිතදිග නයිජීරියාවේ නයිජර් නදිය දිගේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් දියේ ගිලී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි.

මංගල උත්සවයකින් පසු ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා ගමන් කරමින් සිටි මගීන් 300කට අධික පිරිසක් මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත.

තවත් විපතට පත් වූවන් සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.

බෝට්ටුව ගසක හැපීමෙන් පසු පෙරළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

විදෙස්

ශෙන්ජෝ-18 ගගනගාමීන් යළි පෘථිවියට

Published

on

By

සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන් කළ චීනයේ ශෙන්ජෝ-දහඅට (shen-jo 18) ගගනගාමීන් තිදෙනා රැගත් අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, නොවැම්බර් 04 වැනිදා යළි පෘථිවියට පැමිණියේය.

ටියැංගොං (Tian-gong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගමන් ඇරඹූ මෙම යානය, බෙයිජිං වේලාවෙන් අලුයම 1.24ට පමණ පෘථිවියට පතිත විය.

මේ සඳහා ඉනර් මොංගෝලියා ස්වායන්තයේ පිහිටා ඇති ඩොංෆ(ර්)ං ගොඩබෑමේ ස්ථානයේ සියලු කටයුතු සූදානම්ව තිබුණු අතර, සෙවුම් හා ගලවාගැනීමේ හෙලිකොප්ටර් යානා කිහිපයක්ද සීරුවෙන් තබා තිබුණි.

දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටි ය’ ගුවංෆු (Ye Guang-fu), ලී ත්සොං (Li th-song) හා ලී ගුවංසු (Li Guang-su) නම් මෙම ගගණගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව චීන අභ්‍යවකාශ බලධාරීන් පවසයි.

කැප්සියුලයෙන් පිටතට පැමිණීමෙන් පසුව චීනයේ සීසී-ටීවී (CCTV) මාධ්‍ය ජාලය වෙත අදහස් දැක්වූ ඔවුහු, සාර්ථකව සිය මෙහෙයුම අවසන් කිරීමට හැකිවීම පිළිබඳව සිය ආඩම්බරය හා සතුට පළ කළහ.

ඒ අනුව, සයමසක් පුරාවට සිදුකෙරුණු ෂෙන්ජෝ 18 අභ්‍යාවකාශ මෙහෙයුම මෙසේ සාර්ථකව අවසන් විය.

Continue Reading

පුවත්

ඉන්දියාව කැනඩාවේ සයිබර් අවදානම් ලයිස්තුවට ඇතුළත් කරයි!

Published

on

By

සයිබර් අවදානම් ප්‍රතිවාදීන්ගේ ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමට කැනඩාව කටයුතු කර තිබේ.

ඒ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුව දෙරට අතර හටගත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමිනි.

ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්‍රාහකත්වය යටතේ තම රටට එරෙහිව ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරයි.

මේ අනුව කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඇතුළත් කළ පස්වැනි රට ඉන්දියාවයි.

ඉන්දියාවට පෙර චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව ද මෙම ලැයිස්තුවට ඇතුළත්කර තිබුණි.

Continue Reading

විදෙස්

ස්පාඤ්ඤ ගංවතුරින් මියගිය ගණන 150 දක්වා ඉහළට

Published

on

By

වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 150 දක්වා ඉහළ ගොස් තිබේ.

ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බව විදෙස් වාර්තා පවසයි.

විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා එක්වී ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් සංවර්ධිත යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ගංවතුර ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අපොහොසත් වීම පිළිබඳව කනස්සල්ලක් මතුව තිබේ.

මේ වන විට මෙම අධික ගංවතුර තත්වයෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නමුත් අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව නිවැරදිව සඳහන් කළ නොහැකි බවයි බලධාරීන් පවසා ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved