විදෙස්

මංගල නඩේ ගිය බෝට්ටුව පෙරළී 100ක් මරුට

Published

on

නිරිතදිග නයිජීරියාවේ නයිජර් නදිය දිගේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් දියේ ගිලී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි.

මංගල උත්සවයකින් පසු ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා ගමන් කරමින් සිටි මගීන් 300කට අධික පිරිසක් මෙම යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත.

තවත් විපතට පත් වූවන් සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.

බෝට්ටුව ගසක හැපීමෙන් පසු පෙරළුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Trending

Exit mobile version