අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය මීළඟ සඳ තරණය සඳහා සහභාගී වන ගගනගාමීන් සිව්දෙනාව නම්කර තිබේ.
ලබන වසරේ අග භාගයේදී හෝ 2025 වසරේ මුලදී මෙම සඳ තරණය සිදුකිරීමට සැලසුම්කර ඇති අතර, මිනිස් වර්ගයා මෙලෙස සඳගමනක නිරත වන්නේ 50 වසරකට පසුවයි. ඔවුන්ගේ කැප්සුලය සඳමතට ගොඩ බසින්නේ නැති අතර, එය සඳ වටා ගමන් කිරීමට නියමිතය.
ගගනගාමීන් සිව්දෙනා වන්නේ අමෙරිකානු ජාතික වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටීනා කොච් සහ රීඩ් වයිස්මන් සහ කැනේඩියානු ජාතික ජෙරමි හැන්සන් ය.
සඳගමනකට එක්වූ පළමු කාන්තාව ලෙස ක්‍රිස්ටිනා කොච් ද, එවැන්නකට එක්වූ පළමු කළු ජාතිකයා ලෙස වික්ටර් ග්ලෝවර් ද ඉතිහාසගත වේ.