විදෙස්

මුම්බායි හි අධික වර්ෂාවක්

Published

on

ඊයේ සවස සිට මුම්බායි නුවරට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගුවන් ගමන් බොහෝමයක් ආපසු හරවා යවා ඇති බවත් වාර්තා වේ.

මාර්ග ජලයෙන් යටවීම නිසා රටේ මූල්‍ය අගනගරයේ බොහෝ ප්‍රදේශවල වාහන තදබදයක් ද ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එම නිසා මුම්බායි නගරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සඳහා අද දිනය නිවාඩු ලබා දෙන බව ප්‍රකාශයට පත් කර තිබේ.

අධික වර්ෂාව නිසා මේ වන විට මරණ 4 ක් වාර්තා වේ.

පහත් බිම් ජලයෙන් යටවී ඇති අතර, දුම්රිය ගමනාගමනයටද බාධා ඇති කර ඇති බව සඳහන්ය.

ගුවන් ගමන් වාර 14 ක් පමණ ආපසු හරවා යවා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඊයේ රාත්‍රියේ මුම්බායි නගරයට ඇදහැළුණු අධික වර්ෂාව නිසා පැය 3 ක පමණ කාලයක් වාහන ධාවනය කර ගත නොහැකිව සිටි බව සඳහන්ය.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුම්බායි සහ ඊට යාබද දිස්ත්‍රික්ක වන තානේ, පල්ගාර් සහ රයිගාඩ් සඳහා රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

Trending

Exit mobile version