විදෙස්

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට යුදෙව් කාන්තාවකට

Published

on

මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී තිබේ.

ජනාධිපති ධුරය හිමිවූයේ පාලක පක්ෂය වන, ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ යි.

ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේද මෙයයි.

මෙක්සිකෝ ජනාධිපතිවරණ පමණක් නොව, පාර්ලිමේන්තු මහ මැතිවරණය ද පසුගිය 02 වැනිදා පැවැත්වූ අතර, එහි ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණි.

මෙක්සිකෝවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ‘මොරේනා’ පක්ෂය සහ ‘පෑන්’ පක්ෂයයි.

විපක්ෂය වන ‘පෑන්’ දේශපාලන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ සෝෂිට්ල් ගැල්වේස්.

1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්‍යාඥවරියක ලෙස සේවය කරනු ලැබුවාය.

මෙක්සිකෝ සිටි ප්‍රාන්තයේ 2018 සිට 2023 දක්වා ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි.

ක්ලෝඩියා, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ජනාධිපති මැනුවෙල් ලෝපේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසයි.

මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 600 සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් මණ්ඩලයේ ආසන 128 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

Trending

Exit mobile version