ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මාස්ටර්කාඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන මොහු, ධූරයට යෝජනා කර ඇත්තේ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් විසිනි.
ඉන්දීය සම්භවයකින් යුත් ඇමෙරිකානු ජාතිකයෙකු ඔහු මෙම ධූරයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවන අතර, නෙස්ලේ හා සිටිගෲප් සමාගම් වල වැඩ කිරීමෙන් අනතුරුව ඔහු මාස්ටර්කාඩ් හා එක්විය. ඔහු මේ වන විට ඇමෙරිකානු පුරවැසියෙකු වේ.
බන්ගා මහතාගේ වසර 5ක ධුර කාලය ජුනි 02දා ඇරඹේ.
සෑම වසරකම රටවලට ඩොලර් බිලියන ගණනක් ණයට දෙන ලෝක බැංකුවේ නායකත්වය සඳහා පුද්ගලයා තෝරා ගැනීම සම්ප්‍රදායිකව සිදුකරන්නේ එහි විශාලතම කොටස්හිමියා වන ඇමරිකාවයි.