වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 150 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බව විදෙස් වාර්තා පවසයි.
විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා එක්වී ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
කෙසේ වෙතත් සංවර්ධිත යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ගංවතුර ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අපොහොසත් වීම පිළිබඳව කනස්සල්ලක් මතුව තිබේ.
මේ වන විට මෙම අධික ගංවතුර තත්වයෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නමුත් අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව නිවැරදිව සඳහන් කළ නොහැකි බවයි බලධාරීන් පවසා ඇත.