විදෙස්

හැරී කුමරු සහ මේගන් කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුවෙයි

Published

on

හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබේ.

ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරය.

එහිදී උප ජනාධිපතිනි ෆ්‍රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට සහ මේගන්ට ඇගේ නිල නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරැති බව සඳහන්වේ.

කෙසේ නමුත් මෙම සංචාරය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර ඒ, සංචාරයට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න තහවුරු නොකිරීම නිසාවෙන් බව සඳහන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆ්‍රැන්සියා මාකේස් සඳහන් කර තිබුණේ එම සංචාරය සයිබර් හිරිහැර කිරීම, මාර්ගගත ඩිජිටල් ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීමට එරෙහිව සහ කොලොම්බියාවේ කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “ඉතා විශේෂ සංචාරයක්” වන බවය.

Trending

Exit mobile version