මාස දෙකකට වැඩි කාලයක් අභ්‍යවකාශයේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා SpaceX අභ්‍යාවකාශ යානයක් භාවිත කරමින්, 2025 වසරේ පෙබරවාරි මාසයේදී නැවත පෘථිවියට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් (Sunita Williams and Barry Wilmore) යන ගගනගාමීන් දෙපළ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) ගමන් කර ඇති බෝයිං ස්ටාර්ලයිනර් අභ්‍යවකාශ යානය “කාර්ය මණ්ඩලයක් නොමැතිව” නැවත පෘථිවියට පැමිණෙන බව නාසා ආයතනය පවසයි.
සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් දෙදෙනා ඉකුත් ජුනි 5 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කළේ සැලසුම්ගත දින අටක මෙහෙයුමක් සඳහාය.
නමුදු ඔවුන් ගමන් කළ බෝයිං ස්ටාර්ලයිනර් යානය හීලියම් කාන්දු වීම ඇතුළු ගැටළු කිහිපයකට මුහුණ දීම හේතුවෙන් ඔවුනට නැවත පැමිණීමට නොහැකිව ඇති බව වාර්තා විය.
ඒ අනුව ඔවුනට මාස අටක් පමණ එහි ගත කිරීමට සිදුවනු ඇත.
නාසා ආයතනය පවසන්නේ ගගනගාමීන් දෙදෙනාම මීට පෙර අභ්‍යවකාශයේ දිගු කාලීන රැඳී සිටීම් දෙකක් සම්පූර්ණ කර ඇති බවත් පරීක්ෂණ පියාසැරියෙහි අවදානම් සහගත බව ද අවබෝධ කරගෙන සිටින බවය.
61 හැවිරිදි විල්මෝර් සහ 58 හැවිරිදි විලියම්ස් ඔවුන්ගේ නැවත පැමිණීමේ සැලසුම් සඳහා “සම්පූර්ණයෙන්ම” සහාය දුන් අතර ඉදිරි මාස කිහිපය තුළ විද්‍යාත්මක කටයුතු සඳහා කාලය යොදවනු ඇති බව නාසා ආයතනය සඳහන් කරයි.
ඇති වූ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්, Boeing සමාගම කියා සිටියේ තමන් “කාර්‍ය මණ්ඩලයේ සහ අභ්‍යවකාශ යානාවල ආරක්ෂාව” පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන බවය.
සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/world/ගගනගාමීන්-දෙදෙනෙක්-අභ්ය/