මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සු චී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලබාදී තිබේ.
ඒ අනුව වසර 33ක් වන ඇගේ සිර දඬුවම් කාලය වසර 6කින් අඩු වනු ඇත.
පසුගිය සතියේ සිට සු චී මහත්මියව සිරගෙදර වෙනුවට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තැබීමට තීරණය කෙරිණි.
සු චී මහත්මිය සමඟ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති Win Myint ට ද එල්ල වූ චෝදනා දෙකකට සමාව ලැබීමෙන් ඔහුගේ සිර දඬුවම් කාලයද අඩු වී ඇත.