විදෙස්

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ධූරයෙන් ඉවතට

Published

on

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමූහ සංවාදයකට (chat group) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කිරීම (added) හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ බැලීමට මාර්කෝ රූබියෝ පත් කර ඇති බව ය.

ධූරයෙන් ඉවත් කළ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත් කර තිබේ.

මයිකල් වෝල්ට්ස් යනු ෆ්ලොරිඩාවේ හිටපු කොංග්‍රස් සභිකයෙකු වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ධවල මන්දිරයේ පරිපාලනයෙන් ඉවත් කළ පළමු ජ්‍යෙෂ්ඨ සාමාජිකයා ඔහු වේ.

Trending

Exit mobile version