Connect with us

විදෙස්

ඇමරිකාවේ අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය හිමිවේ?

Published

on

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් , එරට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින් පිරිසකට පුරවැසිභාවය ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව , අමෙරිකානු පුරවැසියන් සමග විවාහ වී සිටින, එහෙත්, ලේඛනගත නොවූ පුද්ගලයින් ලක්ෂ 5කට පළමුව ස්ථිර පදිංචියත්, පසුව පුරවැසිභාවයත් හිමිවනු ඇත.

අමෙරිකානු පුරවැසියන්ගේ අවුරුදු 21 ට අඩු, පුරවැසියන් නොවන දරුවන් 50,000 කට ද නව සැලැස්ම යටතේ පුරවැසිභාවය ලබාදීමට නියමිතය.

වත්මනේ පවතින ක්‍රමවේදය අනුව, ලේඛනගත නොවූ සංක්‍රමණිකයින්, ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට නම් පළමුව ඔවුන් අමෙරිකාවේ සිට, සිය මව් රට බලා යා යුතුය.

කෙසේ නමුත් යලි නීත්‍යනුකුල ලෙස ඔවුන්ට අමෙරිකාවට පැමිණීමට හැකි වේ ද නොවේ ද යන්න පිළිබඳව කිසිඳු සහතිකයක් නොලැබේ.

ජනාධිපතිවරයාගේ නව සැලැස්ම යටතේ පිටුවහල් වීමකින් තොරව, ආරක්ෂාකාරීව ස්ථිර පදිංචිය සදහා අයැදුම් කිරීමට එම අනවසර සංක්‍රමණිකයින්ට අවස්ථාව හිමිවන බව විදෙස් වාර්තා වල සදහන් වේ.

පුවත්

අධික උණුසුමෙන් පාකිස්ථානයේ 500 ක් මරුට

Published

on

By


අධික උණුසුම හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවය.

මිය ගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බවට වාර්තා වේ.

පාකිස්ථාන වාර්තා සදහන් කළේ එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මිය ගොස් තිබේ.

Continue Reading

ක්‍රීඩා

ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමුගනියි

Published

on

By

වර්ෂාවෙන් බාධා එල්ලවූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵලය තීරණය කිරීමට යොදාගන්නා ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ එක නිපැයුම්කරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඔහු මියයන විට 84 වැනි වියේ පසුවිය.

ඉංග්‍රීසි ජාතික සංඛ්යානවේදීන් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද එම ක්‍රමවේදය පළමුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී භාවිත කළේ 1997 දීය.

එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විධිමත් ලෙස සම්මත කරන ලද්දේ 2001 දීය.

නමුත් 2014 දී DLS ලෙස එම ක්‍රමවේදය නම්කරන ලද්දේ ඔස්ට්‍රේලියානු ජාතික ස්ටර්න් විසින් එම ක්‍රමවේදයට සිදුකළ වෙනස්කම් සමගිනි.

Continue Reading

පුවත්

චන්ග්-අ හය, යළිත් පෘථිවියට

Published

on

By

චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ.

මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං පාලන ප්‍රදේශයට ගොඩ බැස තිබුණේ බෙයිජිං වේලාවෙන් ප.ව. 2.07ට යි.

ඒ අනුව, මෙම මෙහෙයුම අතිසාර්ථව නිම කළ බව චීනයේ ජාතික අභ්‍යාවකාශ පරිපාලනය පවසයි.

මැයි 03වැනිදා අභ්‍යවකාශගත කෙරුණු චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, මෙලෙස යළි පැමිණියේ පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ අනෙක් පැත්තෙන් රැස්කළ පාෂාණ සාම්පලද සමගයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved