විදෙස්

ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කෙරේ

Published

on

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අද (28) දිනයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතින්  විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම ගොඩනැගිල්ල විවෘත කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ ඉහළම ව්‍යවස්ථාපිත අධිකාරිය වන ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් බව විපක්ෂය දෝෂාරෝපණය කර තිබේ.

මෙම විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරන බවට විපක්ෂයේ පක්ෂ 20ක් ඒකමතිකව නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත්, භාරතීය ජනතා පක්ෂය පවසා ඇත්තේ මෙම වර්ජනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන අගෞරවයක් බවයි.

මෙම විවෘත කිරීමට සමගාමීව ඉන්දීය රජය විසින් රු. 75 වටිනාකමකින් යුත් සමරු කාසියක් ද එළිදක්වා තිබේ.

ඉන්දීය රු. බිලියන 9.7ක ඇස්තමේන්තුගත වියදමකින් ඉදිකර ඇති සිවු මහල් ගොඩනැගිල්ලක් වන නව පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් හා නවතම තාක්ෂණය ඇතුළත් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහි ලෝක් සභා ගර්භය ඉන්දීය ජාතික පක්ෂියා වන මොණරාට සමාන හැඩයක්ද, රාජ්‍ය සභා ගර්භය එරට ජාතික පුෂ්පය වන නෙළුම් මලට සමාන හැඩයක්ද ගන්නා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version