ඉන්දියාවේ දුම්රියක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ දුම්රිය ආරක්ෂක බළකායේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු හා මගීන් තිදෙනෙකි.
මේ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත්තේ චේතන් කුමාර් නම් දුම්රිය ආරක්ෂක බළකායේ කොස්තාපල්වරයෙකි.
ඔහු විසින් මෙම ඝාතන සිදුකිරීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත්, ඝාතනයට ලක්වූ අනෙක් මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ, මෙම දුම්රිය, මුම්බායි නගරයට කි.මී.96ක් ඈතින් පිහිටි පල්ඝාර් නම් නගරය පසුකර යමින් සිටියදීය.