විදෙස්

ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක්

Published

on

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.

එරට අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකටය.

2022 වසරේ දී බලයෙන් පහකෙරුණු ඛාන් මහතා මේ වන විටත් දූෂණ චෝදනාවකට වැරදිකරු ලෙස තෙවසරක සිරදඬුවමක් විඳිමින් සිටියි.

කෙසේවෙතත්, ඛාන් මහතා පවසන්නේ තමාට එරෙහිව එල්ල වී ඇති සියළු චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති ඒවා බවයි.

Trending

Exit mobile version