විදෙස්

ඉරානයේ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට

Published

on

අද (03) දිනයේ ඉරානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Kerman නගරයේ සිදුවූ මෙම පිපිරීම්වලින් 73ක් මියගොස් ඇති බවට මුලින් වාර්තා වුවද, පසුව එරට රාජ්‍ය රූපවාහිනියේ සඳහන් කර ඇත්තේ මරණ සංඛ්‍යාව 103ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සමස්ථ මැදපෙරදිග කලාපයේම බලගතුම චරිතයක් මෙන්ම ඉරානයේ Quds ප්‍රහාරක බල ඇණියේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කාසිම් සුලෙයිමානි, ඇමෙරිකාව විසින් ඝාතනය කර සිවු වසරක් ගතවීම නිමිත්තෙන් පැවති අනුස්මරණ උළෙලකදී මෙම එක් පිපිරීමක් සිදුවී ඇති අතර, දෙවැනි පිපිරීම ඉන් මීටර 700කට ඈතින් සිදුවී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

මෙම පිපිරීම් ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ බව ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇති බව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත් සේවය වාර්තා කරයි.

Trending

Exit mobile version