විදෙස්

ගාසා තීරයේ ළමා මරණ 13,000ක්!

Published

on

පසුගිය වසරේ ඔක්තෝබර් 07දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දරුවන් 13,000කට වැඩි පිරිසක් මරාදාමා ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

තවත් ළමුන් දහස් ගණනකට තුවාල සිදුවී ඇති බවත්, ඇතැමුන් සිටින ස්ථානයක් පවා සිතාගත නොහැකි බව එහි විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් මහත්මිය CBS පුවත් සේවයට පවසා ඇතැයි එහි දැක්වේ.

ලොව වෙනත් කිසිදු ගැටුමකදී මෙවැනි ළමා මරණ අනුපාතයක් දැක නැති බව ඇය වැඩිදුරටත් පවසා ඇත.

ගාසා තීරයේ සිටින දරුවන් කෙතරම් දරුණු මන්දපෝෂණයකට ලක්ව ඇති දැයි කිවහොත් ඔවුන්ට හැඬීමටවත් ශක්තියක් නොමැති බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, පලස්තීන සරණාගතයින් සඳහා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය (UNRWA) පවසන්නේ උතුරු ගාසා ප්‍රදේශයේ සිටින වසර දෙකකට අඩු දරුවන් තුනෙන් එකක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

(මූලාශ්‍රය : අල්ජසීරා පුවත් සේවය)

Trending

Exit mobile version