විදෙස්

චීනයට යන සංචාරකයින්ගේ නිරෝධායනය ඉදිරියේදී නැවතෙයි

Published

on

චීනයට ගමන් කරන සංචාරකයින් නිරෝධායනය කිරීම නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

මෙම පියවර ජනවාරි 08දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වසර තුනක් පුරාවට දේශසීමා වසාතැබීමෙන් පසුව, රැකියා සහ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට හෝ පවුලේ අය බැලීමට රට නැවත විවෘත කරනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මේ වන විට චීනයේ බීජිං අගනුවර කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ඒජන්සි වාර්තා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version