විදෙස්

ජපන් රට වියපත් වෙයි

Published

on

ජපාන වැසියන් 10 දෙනෙකු ගත් කළ ඉන් එක් අයෙකුට වඩා වැඩි පිරිසක් අවුරුදු 80 හෝ ඊට ඉක්මවූ වයසක පසුවන බවට සමීක්ෂණයකින් හෙළි වී ඇත.

මෙවැනි තත්ත්වයක් වාර්තා වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

එරට ජාතික දත්ත වාර්තා අනුව මිලියන 125ක් වූ ජපන් ජනගහනයෙන් 29.1%ක් පමණ වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින් වේ.

ජපානය යනු ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ ජනතාව යම් රටක වැඩිහිටි ජනගහනය ලෙස සැලකෙන අතර ඒ අනුව “ජපානය“ ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස සැලකේ.

24.5%ක වැඩිහිටි ජනහනයක් සිටින ඉතාලිය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර 23.6%ක ජනගහනයක් සහිත ෆින්ලන්තය ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත.

Trending

Exit mobile version