විදෙස්

පාප්වහන්සේ රෝහලයෙන් පිටව යයි

Published

on

දින කිහිපයක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 86 හැවිරිදි පාප්වහන්සේ පසුගිය බදාදා රෝහල් ගත කෙරුණු අතර, උන්වහන්සේ බ්‍රොන්කයිටීස් රෝග තත්ත්වයෙන් පෙළෙන බවට වෛද්‍යවරුන් විසින් පසුව හඳුනාගෙන තිබුණි.

කෙසේ වෙතත්, රෝහලෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත සිනාමුසුව අදහස් දැක්වූ පාප් වහන්සේ  විහිළුවක් ද කරමින් පවසා ඇත්තේ තමන් තවමත් ජීවතුන් අතර බවයි.

වතිකානු ප්‍රකාශක මැටියෝ බෲනි විසින් ඊයේ දින පවසා තිබුණේ ගොබ් ඉරිදාව වෙනුවෙන් මේ සතිඅන්තයේ පැවැත්වීමට නියමිත දේව මෙහෙයට පාප්වහන්සේ සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

Trending

Exit mobile version