ආහාර විෂ වීමක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මොකාමා නගරයේ පාසලක, ළමුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරවල තිබී මියගිය සර්පයෙකු හමුවී ඇති බවයි වාර්තා වේ.
ඒ හේතුවෙන් මෙම ආහාර විෂ වීම සිදුව ඇති බව බලධාරීන් සඳහන් කරයි
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් රෝහල්ගත කර ඇත
ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසම පවසන්නේ මියගිය සර්පයා ඉවත් කර එම ආහාර ළමුන්ට බෙදා දී ඇති බවය.
ළමුන් 500 දෙනෙකු පමණ එම ආහාර පරිභෝජනය කර ඇති බවද සඳහන්ය.
ළමුන් රෝගාතුර වීමෙන් පසු ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් ද සංවිධානය කර ඇති බව සඳහන්ය.