විදෙස්

මලාවි උප ජනපති ඇතුළු පිරිස ජීවිතක්ෂයට (Update)

Published

on

මලාවි රාජ්‍යයේ අතුරුදහන් වූ ගුවන්යානයේ සිටි උප ජනාධිපති සවුලෝස් චිලීමා ඇතුළු පිරිස මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

අද දිනයේදී මාධ්‍ය හමුවක් අමතමින් එරට ජනාධිපතිවරයා පැවසුවේ අතුරුදහන් වූ යානය හමුවී ඇති බවත් එහි සිටි සියල්ලන්ම මියගොස් ඇති බවත්ය.

අයහපත් කාලගුණය මැද පියාසර කළ ගුවන්යානය රේඩාර් පථයෙන් අතුරුදන් වූයේ ඊයේ උදෑසනය.


(පෙර පුවත 2024 ජුනි 11, පෙ.ව.8:20)

මලාවි උපජනාධිපති රැගත් ගුවන් යානය අතුරුදන්

මලාවි රාජ්‍යයේ උපජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී තිබේ.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍යක් සඳහා යමින් සිටියදී උපජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇතැයි සඳහන් ය.

මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය ලිලොන්ග්වේ අගනුවරින් පිටත් වූ පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් වී තිබේ.

මලාවි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ, යානය එම්සූසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිත වූවත්, යානය පැමිණ නොමැති බවයි.

උපජනාධිපතිවරයා සහ තවත් 09 දෙනෙකු යානයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යානය අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව මලාවි ජනාධිපතිවරයා පැවසීය.

Trending

Exit mobile version