ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන්, රුසියාවේ මොස්කව්නුවර සියලු ගුවන්තොටුපල වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත් ඩ්‍රෝන යානා 19ක් විනාශ කිරීමට සමත් වූ බවය.
කෙසේවෙතත් ප්‍රහාර හේතුවෙන් නගරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළවල් සියල්ල තාවකාලිකව වසා දැමීමට රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබේ.
රුසියාව පවසා ඇත්තේ අඛණ්ඩව දෙවන රාත්‍රියේදීත් යුක්‍රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවය.