විදෙස්

“යුක්‍රේන දරුවන් බලෙන් රුසියාවට ගෙන යාම, යුද අපරාධයක්’

Published

on

රුසියාව විසින් බලහත්කාරයෙන් යුක්‍රේනයේ දරුවන්ව තම පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පිටුවහල් කිරීම යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් පවසයි.

යුක්‍රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසා ඇත්තේ යුක්‍රේනයේ දරුවන් සිය ගණනක් නීති විරෝධී ලෙස මේ අයුරින් රුසියාවට යවා ඇති බවට සාක්ෂි පවතින බවයි.

යුක්‍රේන රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව යුක්‍රේන ළමුන් 16,221ක් බලහත්කාරයෙන් රුසියාවට රැගෙන ගොස් ඇත.

රුසියාව යුක්රේනයේ තවත් යුද අපරාධ සිදු කළ බවටද එම කොමිෂන් වාර්තාවේ දැක්වේ.
රෝහල්වලට පහරදීම්, වධහිංසා පැමිණවීම්, ස්ත්‍රී දූෂණ සහ හිතාමතා සිදුකරන ඝාතන මීට ඇතුළත් ය.

Trending

Exit mobile version