ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට මහාධිකරණය ලබාදී තිබූ වසර 2 සිරදඬුවම් තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.
වසර 2019 පැවති මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ නායකයාට වසර දෙකක සිර දඬුවමක් මාර්තු මාසයේදී නියම විය.
දඬුවම් නියම කිරීමෙන් පසුව ගාන්ධි මහතාට සිය මන්ත්‍රී අසුනද අහිමිවිය.