ඊසාන දිග යුක්රේනයේ Hroza නම් ගම්මානයකට එල්ල වූ රුසියානු මිසයිල ප්රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකුට වඩා මියගොස් ඇති බව වාර්තා වේ.
අද පස්වරුවේ සිදුවූ මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ ප්රදේශවාසියෙකු ගේ මරණයක් සිහිකිරීමට ගම්වාසීන් අවන්හලකට රැස්වූ අවස්ථාවකදී බව විදෙස් වාර්තා වල දැක්වේ.
එම අවස්ථාවේදී ප්රදේශවාසීන් 300ක් පමණ එම අවන්හලේ සිට ඇති බවත්, සිද්ධියෙන් මියගොස් ඇති පුද්ගලයන් අතර සය හැවිරිදි දරුවෙකුද සිටින බවත් ඒජන්සි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.