විදෙස්

රුසියාව, එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරයට

Published

on

රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වයට පත්ව තිබේ.

රුසියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරය හිමිව ඇත්තේ මෙම පියවර අවහිර කරන ලෙස යුක්‍රේනය විසින් එහි සාමාජිකයින්ගෙන් ඉල්ලා තිබියදීය.

කෙසේවෙතත්, ඇමෙරිකාව පවසා තිබුණේ රුසියාව එහි ස්ථිර සාමාජිකයෙකු බැවින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව එසේ කළ නොහැකි බවයි.

එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් ස්ථිර සාමාජිකයන් වන්නේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප්‍රංශය සහ චීනයයි.

කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයක් නොවන ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පසුගිය මාසයේදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

Trending

Exit mobile version