විදෙස්

ලොව ආර්ථික සංවිධාන වල ලොක්කන් හෙට චීනයේදී හමුවේ

Published

on

චීන අග්‍රාමාත්‍ය ලී ක’චියංග් මහතා ගේ ප්‍රධානීත්වයෙන් සත්වන “1+6” වටමේස සාකච්ඡාව හෙට හා අනිද්දා (දෙසැම්බර් 8 – 9) දෙදින තුළ අන්හුයි පළාතේ හුවංෂාන් නගරයේදී පැවැත්වීමට නියමිත බව එරට විදේශ කටයුතු  අමාත්‍යාංශයේ ප්‍රකාශිකා – මාඕ නිං මහත්මිය අද (07) පවසා තිබේ.

මෙම වටමේස සාකච්ඡාවට ලෝක බැංකුවේ සභාපති – ඩේවිඩ් මැල්පාස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා – ක්‍රිස්ටලිනා ජෝජීවා,  ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් – Ngozi Okonjo-Iweala, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් – ගිල්බර්ට් එෆ්. හ්වොංබෝ, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ ජෙනරාල් – මතියාස් කෝර්මන් හා මූල්‍ය ස්ථාවරත්ව මණ්ඩලයේ සභාපති ක්ලාස් නොට් යන මහත්ම මහත්මීන් එක්වීමට නියමිතය.

“පොදු, ගෝලීය සංවර්ධනය සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ යන තේමාව යටතේ මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(මූලාශ්‍රය : ෂිංහුවා)

Trending

Exit mobile version