විදෙස්

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මස්ක් යළි පෙරමුණට 

Published

on

ලොව ධනවත්ම පුද්ගලයන් අතර පෙරමුණ ගැනීමට ටෙස්ලා සමාගමේ අයිතිකරු – ඊලෝන් මස්ක් යළිත් සමත් වී තිබේ.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මස්ක් විසින් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි LVMH ප්‍රධාන විධායක නිලධාරී – 74 හැවිරිදි බර්නාඩ් ආර්නෝල් අභිබවා ගොස් ඇති බවයි.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මුල්තැන මස්ක් හා ආර්නෝල් අතර වරින් වර දෝලනය විය.

මේ වසර තුළදී LVMH හි කොටස් අගය 19.7% කින්ද, ටෙස්ලා හි කොටස් අගය 65.6% කින්ද ඉහළ ගොස් තිබේ.

Trending

Exit mobile version