විදෙස්

විශ්ව රූ රැජින තරගයට සෞදි අරාබියත් එක්වෙයි!

Published

on

ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි නම් තරුණියක් පසුගිය සඳුදා දින සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් එක්කරමින් පවසා ඇත්තේ ඇය සෞදි අරාබිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට සහභාගී වන බවයි.

2024 විශ්ව රූ රැජින තරගය මෙක්සිකෝ හි දී පැවැත්වීමට නියමිතය. 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ නිකරගුවා රාජ්‍යය නියෝජනය කළ ෂෙයිනිස් පැලැසියොස් මෙනෙවියයි.

Trending

Exit mobile version