විදෙස්

ශ්වසන ආසාදනයක් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කරයි

Published

on

ශ්වසන ආසාදනයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවැති නමුත් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව වතිකානුව විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

කෙසේවෙතත් උන්වහන්සේ තවත් දින කිහිපයක් රෝහල්ගත වී සිටිනු ඇති බවද එහි දැක්වේ.

පාප් වහන්සේගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු සමීප කාර්යය මණ්ඩලය ද රෝහල තුළ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Trending

Exit mobile version