විදෙස්

සිරියානු පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ; 22ක් මරුට

Published

on

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. ඔහු පළමුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.

සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් හා සම්බන්ධතා ඇති අයෙකු බවයි. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් IS සටන්කාමීන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු හා ලේ පැල්ලම් සහිත බිත්ති  දිස්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Trending

Exit mobile version